අඩි සීයක ප්‍රපාතයකට ත්‍රීවිලරය පෙරළෙයි – සිව්දෙනෙකුට බරපතලයි

ඊයේ (29) අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. ඒ ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේදීය.

එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.අධික ලෙස බීමත්ව සිටි රියදුරා ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනා එම වතුයායේ සිට ලිදුල මෙරායා නගරය දක්වා ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කරවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි වාර්තා වන්නේ.

එක් තුවාලකරුවෙකුගේ සුශුම්නාවට හානි සිදු වීම නිසා එම තුවාලකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ලිදුල පොලීසිය පවසනවා.

අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22