ඇෆ්ගනිස්ථානයේ මානසික රෝග ඉහළට – වැඩිම පිරිසක් කාන්තාවන්

මෑත කාලීනව ඇෆ්ගනිස්ථානයේ ජනතාව අතර මානසික රෝගාබාධවල වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ හේරට්හි පළාත් රෝහලේ මානසික සෞඛ්‍ය අංශයේ ප්‍රධානී කඩෙම් මොහොමඩි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධව දෛනිකව රෝහලට පැමිණෙන සියයක් පමණ වන පිරිස අතරින් සියයට අසූවක්ම කාන්තාවන් බවයි.

සංඛ්‍යාලේඛනවලට අනුව, හේරට්හි පළාත් රෝහලට පෙර මාසයේ දී අවම වශයෙන් ඇතුළත් කළ රෝගීන් ගණන 400ක්.

රැකියා නොමැතිකම, පවුල් ගැටලු සහ කාන්තාවන් සඳහා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීම මෙම මානසික රෝග සඳහා ප්‍රධාන හේතුව බවයි වාර්තා වන්නේ.

මානසික රෝග වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වෛවාහක අපයෝජන සහ ආර්ථික ප්‍රශ්න බව ද රෝගීන්ගේ ප්‍රකාශ මගින් හෙළි වී තිබෙනවා.

එම පළාතේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ මෙම තත්ත්වය දිගින්දිගටම පැවතුණහොත් මානසික ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන සමාජයේ අඩක් පමණ වන කාන්තාවන්ට යළි අධ්‍යාපනයට හා රැකියාවට අවස්ථාව හිමි වුවහොත් මෙම තත්ත්වය තරමක් දුරට හෝ පහළ යනු ඇති බවයි වෛද්‍යවරයෙකු වන මොහොමඩ් ෂෆීක් ඕමාර් උපුටා දක්වමින් TOLOnews වාර්තා කළේ.

ඇෆ්ගනිස්ථානයේ ආර්ථික හා මානුෂීය තත්ත්වය තවමත් පවතින්නේ බරපතළ තත්ත්වයකයි.

වත්මන් ඇෆ්ගනිස්ථාන බලධාරීන් විසින් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළ අතර කාන්තාවන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ ගැහැණු දරුවන් සඳහා ද්විතීයික පාසල් අධ්‍යාපනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සඳහා උසස් අධ්‍යාපනය තහනම් කිරීම ලොව පුරා පුළුල් කතාබහකට තුඩු දී ඇති අතර රට තුළ පවතින තලේබාන් සංවිධානයේ දැඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද විවේචන එල්ල වනවා.

අධ්‍යාපනය, රැකියාව සහ දුර ගමන් තහනම් කිරීම ඇතුළු බොහෝ මර්ධනකාරී නීති රීති පැනවීමත් සමඟ තලේබාන්වරුන්ගේ දැඩි ඉස්ලාමීය පාලන තන්ත්‍රයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එරට  කාන්තාවන්ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි
00:36
Video thumbnail
සුජීව සේනසිංහ බඩුත් අරගෙන අමුණුපුර විදුහලේ අවතැන්වූවන්ට පිහිට වෙන්න යයි..
16:33
Video thumbnail
ආදරය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යනවා..ආණ්ඩුවට පුළුවන් මිත්‍රශීලි රටවලින් උදව් ඉල්ලන්න
05:43
Video thumbnail
රාජපක්ෂලා දැන් නිහඬයිද ?"නිහඩ නෑ අපි යුතුකම් වගකීම් කරනවා"..චමල් රාජපක්ෂ හිනාවෙවී කිව්ව දේ
04:59
Video thumbnail
රන්වල හදිස්සියෙන් ගිහින් තියෙන්නේ ජපන් උපාධි සහතිකය පෙන්නන්න..අකරතැබ්බය අස්සේ ඒකත් නැතිවෙලා
03:01
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36


?