RMV ලිපිකරුවෙකුගේ සහ බිරිඳගේ බැංකු ගිණුමක් අත්හිටුවන්න නියෝග

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම කරුණු දක්වමින් සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව එහි කාර්යාල කාර්ය සහායකයෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවයි.

ඒ, අනුව අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව අදාළ බැංකු ගිණුම මාස තුනක කාලයක් සඳහා එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් මාස තුනක කාලයක් සඳහා නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය අදාළ බැංකු ගිණුම මාස තුනක කාලයක් අත් හිටුවමින් නියෝගයක් නිකුත් කළා.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළව තවත් ව්‍යාපාරිකයෙකුගේ ද බැංකු ගිනුම් දෙකක් ද අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් තවත් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17