හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තුව හෙට (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත අතර, අනතුරුව නව කතානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද (16) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී තිබෙනවා.

ඒ, අනුව හෙට (17) සහ අනිද්දා (18) දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද මෙහිදී සිදුව ඇති බව සඳහන්.

දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 සිට පෙරවරු 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබාදීම සඳහා කාලය වෙන්කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතයි.

ඉන්අනතුරුව නව කතානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යොමුවනු ඇති.

ඉන්පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

අනතුරුව පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා විවාදයට ගෙන එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

මේ අනුව පෙර තීරණය කළ පරිදි 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව මෙදින විවාදයට ගැනීම සිදු නොවනු ඇති.

ඉන්පසු පස්වරු 3.00 සිට පස්වරු 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

නව කතානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට කාලය වෙන් කිරීම හේතුවෙනුයි විවාද කාලය මෙසේ පැයකින් දීර්ඝ කිරීමට තීරණය වී ඇත්තේ.

අනිද්දා (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 – පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙර දින කල්තබන ලද, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

මේ අනුව පෙර තීරණය කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියෝග හා රෙගුලාසිවලට අදාළ විෂයයන් ඉදිරි දිනකදී විවාදයට ගැනීමට එකඟත්වය පළවී තිබෙනවා.

ඉන්පසු පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17