වැලිකඩ සැලුන් එකකින් කොන්ඩෙට සාත්තුවක් ගත් කතකට නොසිතූ අකරතැබ්බයක්

වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වැලිකඩ පොලිසියට අද (16) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව අද (16) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී වැලිකඩ පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එම ප්‍රදේශයේ කාන්තාවක් වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාව සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලීසිය වෙත පවසා ඇත්තේ ඇය වැලිකඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ආයතනයකින් මීට පෙර ද ප්‍රතිකාර ලබාගත් බවත් පසුගිය දිනක නැවත එහි ගොස් හිසට ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් අනතුරුව හිසකෙස් ගැලවී තුවාල සිදුව ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව පැමිණිලිකාරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් එය ලැබී නොමැති බවත් අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17