ව්‍යාජ හමුදා බුද්ධි අංශ හැඳුනුම්පතක් භාවිත කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (16) නියෝග කළා.

පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විරාජ් මධුසංක නැමැත්තෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ මාර්ග බාධකයක දී සැකකාර පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සතුව තිබී එම සැක සහිත හැඳුනුම්පත අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මේ වන විට හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයෙකු විසින් ඔහුට එම හැඳුනුම්පත සකස් කරදී ඇති බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය අධිකරණය දැක්වූ කරුණු වලින් හෙළි වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම හැදුනුම්පත භාවිතා කරමින් සැකකාර පුද්ගලයා කිසියම් නීති විරෝධී ක්‍රියාවන් සිදුකර තිබේද නැද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බවයි.

අදාළ හැඳුනුම්පත හමුදා අංශ වෙත යොමු කර එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තහවුරු කිරීමට පියවර ගන්නා බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58