ඇෆ්ගනිස්ථානයේ මානසික රෝග ඉහළට – වැඩිම පිරිසක් කාන්තාවන්

මෑත කාලීනව ඇෆ්ගනිස්ථානයේ ජනතාව අතර මානසික රෝගාබාධවල වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ හේරට්හි පළාත් රෝහලේ මානසික සෞඛ්‍ය අංශයේ ප්‍රධානී කඩෙම් මොහොමඩි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධව දෛනිකව රෝහලට පැමිණෙන සියයක් පමණ වන පිරිස අතරින් සියයට අසූවක්ම කාන්තාවන් බවයි.

සංඛ්‍යාලේඛනවලට අනුව, හේරට්හි පළාත් රෝහලට පෙර මාසයේ දී අවම වශයෙන් ඇතුළත් කළ රෝගීන් ගණන 400ක්.

රැකියා නොමැතිකම, පවුල් ගැටලු සහ කාන්තාවන් සඳහා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීම මෙම මානසික රෝග සඳහා ප්‍රධාන හේතුව බවයි වාර්තා වන්නේ.

මානසික රෝග වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වෛවාහක අපයෝජන සහ ආර්ථික ප්‍රශ්න බව ද රෝගීන්ගේ ප්‍රකාශ මගින් හෙළි වී තිබෙනවා.

එම පළාතේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ මෙම තත්ත්වය දිගින්දිගටම පැවතුණහොත් මානසික ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන සමාජයේ අඩක් පමණ වන කාන්තාවන්ට යළි අධ්‍යාපනයට හා රැකියාවට අවස්ථාව හිමි වුවහොත් මෙම තත්ත්වය තරමක් දුරට හෝ පහළ යනු ඇති බවයි වෛද්‍යවරයෙකු වන මොහොමඩ් ෂෆීක් ඕමාර් උපුටා දක්වමින් TOLOnews වාර්තා කළේ.

ඇෆ්ගනිස්ථානයේ ආර්ථික හා මානුෂීය තත්ත්වය තවමත් පවතින්නේ බරපතළ තත්ත්වයකයි.

වත්මන් ඇෆ්ගනිස්ථාන බලධාරීන් විසින් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළ අතර කාන්තාවන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ ගැහැණු දරුවන් සඳහා ද්විතීයික පාසල් අධ්‍යාපනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සඳහා උසස් අධ්‍යාපනය තහනම් කිරීම ලොව පුරා පුළුල් කතාබහකට තුඩු දී ඇති අතර රට තුළ පවතින තලේබාන් සංවිධානයේ දැඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද විවේචන එල්ල වනවා.

අධ්‍යාපනය, රැකියාව සහ දුර ගමන් තහනම් කිරීම ඇතුළු බොහෝ මර්ධනකාරී නීති රීති පැනවීමත් සමඟ තලේබාන්වරුන්ගේ දැඩි ඉස්ලාමීය පාලන තන්ත්‍රයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එරට  කාන්තාවන්ටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14