ශිෂ්‍යත්වය යළි පවත්වන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් 04ක් හෙටට කල් තැබේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් හෙට (17) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් අද (16) විභාගයට ගනු ලැබුවා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ ඊට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව බවයි.

ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත් එම විභාගයේ දී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම මාර්ගය මෙය පමණක් බව සඳහන් කර සිටියා.

එබැවින් මෙම විභාගයේ දී යම් අසාධාරණයක් සිදුවුවොත් ඒ තුළින් මුළු ශිෂ්‍ය ප්‍රජාවටම අහිතකර බලපෑමක් එල්ල වන බවත් ඔහු සඳහන් කළා.

උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බව හෙළිවීමත් සමඟ එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට බලධාරීන් තීරණය කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ ප්‍රශ්න පත්‍රය සඳහා ද අලුතින් ප්‍රශ්න පත්‍රයක් ලබා දී විභාගය යළි පැවැත්විය යුතු බව පෙන්වා දුන්නා.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ අධිකරණය මගින් කළ දැනුම් දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බවයි.

එම නිර්දේශයන්ට අනුව පිටවූ බව කියන ප්‍රශ්න ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට (17) දින තෙක් කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56