මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ඇප

පසුගිය 09 වනදා යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියමකර තිබෙනවා.

ඔහුට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ කෞසල්‍යා යන අයට ද ඇප නියම කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

පොලිස් බැඳුම්කරයක් ඔස්සේ අද දිනයේ අධිකරණය ඉදිරිපත් වූ මොවුන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප මත නිදහස් කිරීමටයි අධිකරණය මෙලෙස නියෝග කළේ.

මේ අතර අවසරයකින් තොරව යාපනය ශික්ෂණ රෝහලේ භූමියට ඇතුල් නොවන ලෙසට ද මන්ත්‍රීවරයාට අධිකරණය විසින් අවවාද කරනු ලැබුවා.

මෙම නඩුව එළඹෙන පෙබරවාරි 07 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ කලනිති ඩී සත්‍යමූර්ති විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30