750 දෙනෙක්ගෙන් කෝටි 92ක් වංචා කිරීමට සම්බන්ධ සැකකාරියක් පොලිසියෙන් සොයයි

රුමේනියා රටෙහි විදේශ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින්ගේ මුදල් ලබා ගෙන එකී මුදල් වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා සාවද්‍ය පරිහරණය කල Rainbow Garments Technologies (pvt) Ltd නමින් පවත්වා ගෙන ගිය පුද්ගලික ආයතනයක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන සිදු කරමින් පවතින බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී පුද්ගලයින් 750ක පමණ පිරිසකගෙන් රුපියල් කෝටි 92 කට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම වංචාවට අදාලව එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කළ සැකකාරියකට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන බව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම සැකකාරියගේ නම, ර්ෂලි ජයර්වධන අමදෝරු වන අතර වයස, අවුරුදු 54ක්.

ඇයගේ ලිපිනය ලෙස පොලිසිය සඳහන් කර ඇත්තේ 118/3, සමඟි මාවත, මාගම්මන, හෝමාගම වන අතර සැකකාරියගේ ජාතික හැදුනුම්පත් අංකය 716032531 V බවයි පොලිසිය පවසන්නේ.

සැකකාරියගේ ඡායාරූපයක් ද පොලිසිය විසින් ඉකුත් කර ඇති අතර ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ස්ථානාධිපති / මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 – 071 8594910

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 2444172

image

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
6
+1
5
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02