75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ධජය එසවීමත්, ජාතික ගීය ගායනය සමඟ නිදහස් දින උළෙලේ කටයතු ආරම්භ වුණා.

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179ක් එක්වීමට නියමිතයි.

ඊට අමතරව නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52ක් මෙන්ම නෞකා 03ක් ද 75 වන නිදහස් දින උ‍ළෙලට සහභාගී වනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 695 දෙනෙකු සහ සන්නද්ධ රථ 109ක් නිදහස් උළෙලේ පෙළපාලියට එක්වන අතර, ගුවන් යානා 14ක් ද මෙවර නිදහස් උළෙල වර්ණවත් කිරීමට එක්වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ 336ක් සහ විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු ද සහභාගිවීමට නියමිතයි.

සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 437 දෙනෙකු ද මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා එක්වනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43