විරෝධතා හෝ උද්ඝෝෂණවලට ජනමත විචාරණයක් කැඳවීමේ හැකියාවක් නෑ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

විරෝධතා හෝ උද්ඝෝෂණවලට ජනමත විචාරණයක් කැඳවීමේ හැකියාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 සහ 25 දිනයනවල විවාදයක් ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා දෙදින විවාදයෙන් පසුව එළඹෙන 25 වන දින මේ සම්බන්ධව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති බවත් පවසා සිටියා.

මේ අතර ව්‍යවස්ථා සංශෝධනයේ දී අනුගමනය කළ යුතු සියලු කරුණු රජයක් ලෙස අනුගමනය කර ඇතැයි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්