සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්ත නායක හැරී බෲක් සමත් වුණා.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 05.00ට ඩර්හැම්, බෑන්ක්ස් හෝම්ස් රිවර්සයිඩ් පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද තරගයට ක්රීඩා කිරීම සඳහා සචිඳු කොළම්බගේට අවස්ථාව හිමිව ඇති අතර, ඒ අනුව ඔහු 220 වන ශ්රී ලාංකීක ක්රීඩකයා ලෙස එක්දින වරම් දිනා ගත්තා.













