පාස්කු මහ නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙක් වරදකරුවන් ලෙස නම් කෙරේ

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරමින් පවතිනවා.

ඒ අනූව විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර තිබෙනවා.

අනෙකුත් විත්තිකරුවන් නවදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.

මෙම නඩුවේ 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 15, 16, 18, සහ 19 යන විත්තිකරුවන් මෙලෙස වරදරකරුවන් බවට පත් කරනු ලැබුවා.

12,13,14, 20, 21,22, 23, 24 සහ 25 දක්වා වූ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර, 10 වන විත්තකරු 16 වන චෝදනාවෙන් පමනක් නිදොස් කොට නිදහස්කර අනෙක් සියලුම චෝදනාවලට වරදකරු කෙරුණා.