spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ධජය එසවීමත්, ජාතික ගීය ගායනය සමඟ නිදහස් දින උළෙලේ කටයතු ආරම්භ වුණා.

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179ක් එක්වීමට නියමිතයි.

ඊට අමතරව නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52ක් මෙන්ම නෞකා 03ක් ද 75 වන නිදහස් දින උ‍ළෙලට සහභාගී වනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 695 දෙනෙකු සහ සන්නද්ධ රථ 109ක් නිදහස් උළෙලේ පෙළපාලියට එක්වන අතර, ගුවන් යානා 14ක් ද මෙවර නිදහස් උළෙල වර්ණවත් කිරීමට එක්වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ 336ක් සහ විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු ද සහභාගිවීමට නියමිතයි.

සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 437 දෙනෙකු ද මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා එක්වනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?