Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අභියාචනාධිකරණට විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති නිර්දේශ කරයි

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත පහත නම් සඳහන් අධිකරණ සේවා නිලධාරීන් තිදෙනා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (23) දින පත් කිරීමට නියමිතයි.

01- පෙරුමාල් සිවකුමාර් මහතා
02- ආනන්දි කනගරත්නම් මෙනෙවිය
03- ඤාණේස ලලිත් කන්නන්ගර මහතා