විදුලිය සහ ජලය ගැන රජයෙන් පණිවිඩයක්

මෙරට ජනතාව වැඩිම විදුලි පරිභෝජනයක් සිදු කරන අවස්ථාව වන්නේ රාත්‍රී 7.00 – 8.30 අතර කාලය බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

මෙම කාලය තුළ දී ජාතික පද්ධතියේ මෙගාවොට් 20ක පමණ විදුලි අඩුවක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම නිසා අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ මෙම කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට යි.

මේ අතර විදුලි විසන්ධි වීමක් සිදු වුවහොත් එය ජල සැපයුමට බලපානු ඇති බවට ජනතාව බියෙන් පසුවනවා.

එවන් තත්ත්වයක් මත තමන් හට පැය දෙක තුනක විදුලි කප්පාදුවක් කෙසේ හෝ කළමනාකරණය කර ගැනීමට හැකි බවයි ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙරට සෑම නිවසකම පාහේ අවම වශයෙන් ලීටර 500කවත් ටැංකියක් පවතින බව ඔහු පවසනවා.

එබැවින් කෙටි විදුලි කප්පාදුවක් සිදු වුවහොත් ඉන් ජල සැපයුමට සැළකිය යුතු බාධාවක් සිදු නොවනු ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් පෙබරවාරි සහ මාර්තු මාසවල සාමාන්‍යයෙන් ජල ප්‍රභවයන් සිඳී යන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට යි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එය සිය අමාත්‍යංශයට සිදු කරන විශාල උදව්වක් බව ද ඔහු පෙන්වා දුන්නා.

පසුගිය දිනෙක දිවයිනටම බලපාන පරිදි පැය කිහිපයක් තිස්සේ විදුලිබලය විසන්ධි වූ අවස්ථාවේ දී බොහෝ ප්‍රදේශවල ජල සැපයුම ද විසන්ධි වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47