නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් පසු මාස 18 දරුවා ජීවිතය හැර ගිහින්

නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් පසු සිහිසුන් වූ කුඩා පිරිමි ළමයෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

කේරළයේ කන්නූර් හි එරාමම්-කුට්ටූර් ප්‍රදේශයේ පදිංචි සුරාජ් සහ විජිෂා යුවළගේ එකම දරුවා වන දේවාංෂ් ෂෞර්යා පසුගිය 05 වනදා තම නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී වැටීමෙන් තොල්වල කැපුම් තුවාලයක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ මාස 18ක එම ළමයා මාතමංගලම් හි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ප්‍රථමාධාර ලබා දී ඇති අතර, පසුව ළමයා පායන්නූර් හි බේබි මෙමෝරියල් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාලයට මැහුම් යෙදීමට වෛද්‍යවරුන් විසින් ළමයාව නිර්වින්දනය කිරීමට එන්නතක් ලබා දී තිබෙනවා.

එම අවස්ථාවේදී දරුවා සිහිසු වී ඇති අතර, පසුව දරුවා කන්නූර් හි බේබි මෙමෝරියල් රෝහලට මාරු යැවීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස වෙනත් රෝහලක් වෙත මාරුකළ දරුවා පසුගිය සිකුරාදා රාත්‍රියේ මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මව්පියන් චෝදනා කරන්නේ, වෛද්‍යවරුන්ගේ නොසැලකිළිමත්කම හේතුවෙන් තම දරුවා මිය ගිය බවයි.

කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකම ශාඛා කිහිපයක් ඇති බේබි මෙමෝරියල් රෝහල් ජාලය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, නිවේදනයක් නිකුත් කරමින් රෝහල පැවසුවේ නිර්වින්දනය ලබාදීමෙන් පසු දරුවාට අනපේක්ෂිත හෘදයාබාධයක් ඇති වූ බවයි.

පසුව උසස් දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා දරුවා කන්නූර් රෝහල වෙත මාරු කිරීමට පියවර ගත් බවත් නිවේදනය මඟින් රෝහල දන්වා තිබෙනවා.

එමෙන්ම සුදුසු එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවත්, පිළිගත් සියලුම ප්‍රතිකාර ක්‍රමවේද වෛද්‍යවරුන් විසින් අනුගමනය කර ඇති බවත් එම රෝහල පවසනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16