19න් පහළ පිරිමි, කාන්තා බොක්සිං ශූරතා තරගාවලිය අනිද්දා දක්වා

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන 2026 වයස අවුරුදු 19න් පහළ පිරිමි හා කාන්තා බොක්සිං ශූරතා තරගාවලිය පෙරේදා (14) දිනයේ දී ආරම්භ වුණා.

මෙම තාරගාවලිය ලබන 18 වන දින දක්වා දියගම ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩගරයේ (Sri Lanka Boxing Gymnasium) දී පැවැත්වෙනවා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ඉදිරියේදී ලෝක බොක්සිං සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර Under 19 තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ මූලික තේරීම් තරගාවලියක් ලෙසයි.

තරගාවලිය සඳහා ආධුනික ඕනෑම බොක්සිං ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි අතර, දිවයිනේ ප්‍රධාන පෙළේ බොක්සිං ක්‍රීඩා කරන පාසල් 50කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට ආසන්න පිරිසක් තරග බිමට එක්වීමට නියමිතයි.

මේ අතර, 2026 Intermediate Boxing Tournament ජූලි 15 සිට 19 දක්වා එම ස්ථානයේදීම පැවැත්වෙන අතර, එයද ආධුනික බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත තරගාවලියක්.

මෙම තරගාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විශ්වවිද්‍යාල සහ දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.

ජූලි 19 වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලි දෙකම ශ්‍රී ලංකාවේ ආධුනික බොක්සිං ක්‍රීඩාවේ දක්ෂතා හඳුනාගෙන ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ. එමෙන්ම, නවක සහ දක්ෂතා ඇති බොක්සිං ක්‍රීඩකයන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කර ඉදිරි ජාත්‍යන්තර අවස්ථා දිනාගැනීමට මෙම තරගාවලි ඉතා වටිනා වේදිකාවක් වනු ඇත බව බොක්ස්න් සංගමයේ මාධ්‍ය අධ්‍යක්ෂක කුසල් ගුණසේකර වැඩිදුරටත් කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14