ඉන්දියන් සාගර සියවස නමින් නව යුගයකයකට ලෝකය අවතීර්ණ වෙනවා – නාමල් කියයි

“ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික සම්බන්ධක පුරුකක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සිංගප්පූරුවේ පැවැති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා (GEC) සමුළුව අමතමින් රාජපක්ෂ ප්‍රකාශ කළේ, ඉන්දියන් සාගර කලාපය වඩාත් වැදගත් වන දශකයකට පමණක් නොව, කලාපයේ වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික බලපෑම මගින් හැඩගැසෙන සුවිශේෂී සියවසකට මේ වන විට ගමන් කරමින් සිටින බවයි.

මිල්කන් ආයතනයේ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් මහතා සමඟ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ, ශක්තිමත් සම්බන්ධතාවක් සහ ආර්ථික සහයෝගිතාවක් තුළින් ලොව ප්‍රධාන කලාපයන් අතර විශ්වාසනීය පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන්ගේ දැක්ම බවයි.

එමෙන්ම, ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ පෙළේ භූමිකාවක් ඉටුකිරීම සඳහා මීළඟ පරම්පරාව සූදානම් කරන අතරතුර, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය මගින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරදීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළා.

“ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන් එකිනෙක යා කළා. දැන්, එමඟින් අනාගතය යා කළ යුතුයි,” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41