පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පසුගිය 08 පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට මැති ඇමතිවරු රැසක් සහභාගී වුණා.

මෙහිදී පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පෙර පාසල් අධ්‍යාපන) කේ.ඩී.ටී විමලසිරි අදහස් දැක්වූවා.

පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව විෂයමාලා රාමුවට අදාළව පෙර පාසල් ගුරු අත්පොතක් සහ ආදර්ශ ක්‍රියාකාරකම් පොතක් අගෝස්තු මාසයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වීමටත් නියමිත බව මෙහිදී අනාවරණය වුණා.

එසේම, පෙර පාසල් ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙක් පුහුණු කිරීමටත්, ඔවුන් මගින් පළාත් මට්ටමින් තවත් පුහුණුකරුවන් 556 දෙනෙකුට පුහුණුව ලබා දීමටත් අපේක්ෂා කරන බව ඇය පැවසුවා.

ඒ අනුව දැනට හඳුනාගෙන ඇති 35000 කට ආසන්න පෙර පාසල් ගුරුවරුන්ට දින 10 ක පුහුණුවක් ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලබා දීමට කටයුතු කරන බවටත් ඒ අනුව එකම විෂය රාමුවකට පෙර පාසල් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති බවත් ඇය සඳහන් කළා.

එසේම, පෙර පාසල් සඳහා ඇගයීම් හා නියාමන රාමුවක් සකස් කිරීමටත්, ලබන වසර වන විට පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පනතක් බවට පත් කිරීමටත් අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය වුණා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ දායකත්වයෙන් මෙම ප්‍රතිපත්තිය සකස් කළ බව ද ඇය සඳහන් කළා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීම් අධ්‍යක්ෂිකා නීතීඥ සජීවනි අබේකෝන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති අධ්‍යක්ෂ නීතීඥ ප්‍රීතිකා සකලසූරිය සහ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි යන මහත්මීන් විසින් ළමා ආ‍රක්ෂාව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය, ශාරීරික දඬුවම් අහෝසි කිරීම සඳහා යෝජිත නීතිමය සංශෝධන, ළමා සංවර්ධනය කෙරෙහි දඬුවම්වල බලපෑම, දඬුවමට ඇති බිය නිසා විනය ආරක්ෂා කිරීමට වෙනුවට ‘ධනාත්මක විනය’ දරුවන්ට පුහුණු කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ කායික දඬුවම් වැළැක්වීම සඳහා නීතිමය හා ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කරමින් පවතින බවත්, ජාතික ළමාරක්ෂක අධිකාරිය සිය නියාමන හා සම්බන්ධීකරණ භූමිකාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්නා.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් කායික දණ්ඩනය අහෝසි කිරීමට යෝජනා වී ඇති බවත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට (UNCRC) අත්සන් තැබූ රටක් ලෙස, දරුවන්ට සිදුවන කායික හා මානසික හිංසනය වැළැක්වීමට ජාත්‍යන්තරව බැඳී සිටින බවත් මෙහිදී ඔවුහු පෙන්වා දුන්නා.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට දායකත්වය දැක්වූ සියලු පාර්ශ්වයන්ට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සිය ස්තුතිය පළ කළ අතර නෛතික සංශෝධන කිසිදු පාර්ශ්වයක් ඉලක්ක කර ගනිමින් සිදු නොකළ යුතු බව ද පෙන්වා දුන්නා.

එසේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම පියවර ගන්නා බව ද ඇය අවධාරණය කළාය. මෙම වැඩපිළිවෙල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීමට ලක්වූ අතර ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52