යුනිකෝන් ඇන්ටනා පද්ධති ගැන කතා කරන්න ජපාන ආරක්ෂක ඇමති ඉන්දියාවට

ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි (Shinjiro Koizumi) එළඹෙන අගෝස්තු මාසයේ මැදභාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවත්, එහිදී ඔහු සිය ඉන්දීය සගයා වන රාජ්නාත් සිං සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවත් ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු කොයිසුමි ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ වන්නේ දෙරට අතර ආරක්ෂක උපකරණ සහ තාක්ෂණික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

විශේෂයෙන්ම, ජපානයේ නිෂ්පාදිත නාවික නෞකා සඳහා භාවිතා කරන නවීනතම ‘යුනිකෝන්’ (Unicorn) සන්නිවේදන ඇන්ටනා පද්ධතිය ඉන්දියාවට අපනයනය කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවන් පිළිබඳව මෙහිදී දෙපාර්ශවය දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මීට අමතරව, මෑතකදී පැවැත්වුණු ජපාන-ඉන්දියා රාජ්‍ය නායක සමුළුවේදී ඇතිකරගත් එකඟතාවන්ට අනුව, ජපාන ස්වයං-ආරක්ෂක බලකාය සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වන යුද අභ්‍යාස තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද දෙරටේ ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය යොමුවනවා.

කලාපීය වශයෙන් චීනයේ ක්‍රියාකාරකම්වල වර්ධනය වීම ඇතුළු සමස්ත ඉන්දු-පැසිෆික් කලාපයේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වයන් සහ උපායමාර්ගික අභියෝග පිළිබඳව ද ෂින්ජිරෝ කොයිසුමි සහ රාජ්නාත් සිං යන මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව වාර්තාවල දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16