වටිනා සම්පත් වෙනුවෙන් ඉන්දියාව මුහුද යට තරඟයක

ඉන්දියන් සාගරයේ මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර දෙකක් ඇති ඉන්දියාව සාගර පතුලේ සැඟවී ඇති වටිනා ඛනිජ සොයා යාමේ ගවේෂණයක් සඳහා තවත් පියවරක් තබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ගෝලීය බලවතුන් අතර පවතින තරගය මධ්‍යයේ තවත් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සඳහා ඉන්දියාව ඉල්ලුම් කර ඇති අතර සාගර පෘෂ්ඨයේ සිට මීටර් දහස් ගණනක් පහළින් හමුවන කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් නිධි වෙත ළඟා වීමට චීනය, රුසියාව සහ ඉන්දියාව තරග කරමින් සිටියි.

කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සූර්ය හා සුළං බලය, විද්‍යුත් වාහන, බැටරි තාක්ෂණය වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට යොදාගනී.

මේ වන විට ගවේෂණ බලපත්‍ර 31ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority – ISA) විසින් නිකුත් කරනු ලැබ ඇති අතර ඉන් 30ක් සක්‍රීයව පවතියි.

භූ දේශපාලනික, සැපයුම් දාම පිළිබඳ බුද්ධි තොරතුරු සපයන Horizon Advisoryහි සම-නිර්මාතෘ නේතන් පිකාර්සික්,
“ඉන්දියන් සාගරය කියලා කියන්නේ වටිනා සම්පත් තියෙන්න පුළුවන් තැනක්. ඒවා පුළුල් වපසරියක විහිදිලා තියෙන නිසා තමයි සාගර පතුල පිළිබඳව සිදු කරන විද්‍යාත්මක ගවේෂණ වැඩි කරන්න ඉන්දියානු රජය පෙළඹුණේ.” යනුවෙන් සදහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27