spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වටිනා සම්පත් වෙනුවෙන් ඉන්දියාව මුහුද යට තරඟයක

ඉන්දියන් සාගරයේ මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර දෙකක් ඇති ඉන්දියාව සාගර පතුලේ සැඟවී ඇති වටිනා ඛනිජ සොයා යාමේ ගවේෂණයක් සඳහා තවත් පියවරක් තබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ගෝලීය බලවතුන් අතර පවතින තරගය මධ්‍යයේ තවත් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සඳහා ඉන්දියාව ඉල්ලුම් කර ඇති අතර සාගර පෘෂ්ඨයේ සිට මීටර් දහස් ගණනක් පහළින් හමුවන කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් නිධි වෙත ළඟා වීමට චීනය, රුසියාව සහ ඉන්දියාව තරග කරමින් සිටියි.

කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සූර්ය හා සුළං බලය, විද්‍යුත් වාහන, බැටරි තාක්ෂණය වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට යොදාගනී.

මේ වන විට ගවේෂණ බලපත්‍ර 31ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority – ISA) විසින් නිකුත් කරනු ලැබ ඇති අතර ඉන් 30ක් සක්‍රීයව පවතියි.

භූ දේශපාලනික, සැපයුම් දාම පිළිබඳ බුද්ධි තොරතුරු සපයන Horizon Advisoryහි සම-නිර්මාතෘ නේතන් පිකාර්සික්,
“ඉන්දියන් සාගරය කියලා කියන්නේ වටිනා සම්පත් තියෙන්න පුළුවන් තැනක්. ඒවා පුළුල් වපසරියක විහිදිලා තියෙන නිසා තමයි සාගර පතුල පිළිබඳව සිදු කරන විද්‍යාත්මක ගවේෂණ වැඩි කරන්න ඉන්දියානු රජය පෙළඹුණේ.” යනුවෙන් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?