සියළු මැක්ඩොනල්ඩ්ස් නැවත දැනුම් දෙනතුරු වසා දමයි (වීඩියෝ)

මැක්ඩොනල්ඩ්ස් ජාත්‍යන්තර ජාලයේ දේශීය සහකරු ලෙස සිටි අබාන්ස් සමාගම ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම මැක්ඩොනල්ඩ්ස් ශාඛා නැවත දැනුම් දෙන තුරු වසා තබනු ඇති බවයි වාර්තා වන්නේ.

අබාන්ස් විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ආ දුර්වල තත්ත්ව ප්‍රමිතිය මෙයට හේතුව ලෙස එම ආයතනය සඳහන් කර තිබෙනවා.