spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් ඇතුළු පහකට එරෙහිව නඩු පවරයි

හිටපු මහ බැංකු අධිපති ඇතුළු පස්දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ, එම කොමිෂන් සභාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනයකට අනුවයි.

212 වසර වනවිට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ඒ බව ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595 ක පාඩුවක් සිදු කළ බවට ඔවුන් චෝදනා එල්ලවී තිබුණා.

අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව නඩු අංක එච්සීබී 271/2024 යටතේ පසුගිය 26 වැනිදා මහාධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි සඳහන්.

මෙම නඩුවේ චූදිතයින් ලෙස හිටපු මහබැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආච්චිලාගේ කරුණාරත්න යන අය නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?