හිටපු මහ බැංකු අධිපති කබ්රාල් ඇතුළු පහකට එරෙහිව නඩු පවරයි

හිටපු මහ බැංකු අධිපති ඇතුළු පස්දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ, එම කොමිෂන් සභාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනයකට අනුවයි.

212 වසර වනවිට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ඒ බව ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595 ක පාඩුවක් සිදු කළ බවට ඔවුන් චෝදනා එල්ලවී තිබුණා.

අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව නඩු අංක එච්සීබී 271/2024 යටතේ පසුගිය 26 වැනිදා මහාධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි සඳහන්.

මෙම නඩුවේ චූදිතයින් ලෙස හිටපු මහබැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආච්චිලාගේ කරුණාරත්න යන අය නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28