වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ, ධනංජය සහ කමිඳුගෙන් සුපිරි වාර්තාවක්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දීත් ශතක වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අද (24) සමත් වුණා.

ඒ, අනුව ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක රැස් කළ ලොව තෙවැනි පිතිකරු යුගලය බවට පත්වීම ද විශේෂත්වයක්.

1974 වසරේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයක දී ඉනිම් දෙකේදීම ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් මෙම වාර්තාවේ පළමු හිමිකරුවන් බවට පත් වුණා.

අනතුරුව එවැනි දස්කමක් දැක්වූ දෙවැනි පිතකරුවන් යුගළය බවට පත්වීමට පාකිස්ථාන ක්‍රීඩකයින් වන අසාර් අලි සහ මිස්බා උල් හක්ට හැකියාව ලැබුණා.

ඒ, 2014 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේදී ම ශතක රැස්කරමින්.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන මෙම තරගයේ දෙවන ඉනිමේ දී ධනංජය ද සිල්වා ලකුණු 108ක් රැස්කළ අතර, කමිඳු මෙන්ඩිස් මේ වනවිට නොදැවී ලකුණු 100ක් රැස්කරගෙන සිටිනවා.

පළමු ඉනිමේ දී ධනංජය සහ කමිඳු දෙදෙනාම ලකුණු 102 බැගින් රැස් කිරීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14