බන්ධනාගාර කාන්තාවන්ගේ පාද දෝවනය කළ ශුද්ධෝත්තම පාප් වහන්සේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (28) දින මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව රෝමයේ බන්ධනාගාරයක කාන්තාවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය මහ බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙය අතරතුර පාප් වහන්සේ විසින් කාන්තාවන් 12 දෙනෙකුගේ පමණක් පාද දෝවනය කළ පළමු අවස්ථාව වනවා.

87 හැවිරිදි පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක තිබියදීත් රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ පැවති මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සහභාගී වී තිබෙනවා.

ඔහු රෝද පුටුවේ සිට සෑම කාන්තාවකගේම පාද සේදූ අතර, එම කාන්තාවන් පාප් වහන්සේ ඔවුන්ගේ පාද සේදූ අවස්ථාවේ සංවේදී වී කඳුළු සලමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාද සේදීමේ චාරිත්‍රය පාස්කු ඉරිදාට පෙර බ්‍රහස්පතින්දා සිදුවන අතර ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයන්ගේ පාද සේදීම මතක් කිරීමට උත්සාහ කරනවා.

ෆ්‍රැන්සිස් පියාණන් පාප් වහන්සේ ලෙස තේරී පත්වූ දා සිට මෙම උත්සවය වතිකානු භූමියෙන් පිටතට ගෙන ගොස් සිරකරුවන්, සරණාගතයින් සහ ආබාධිත පුද්ගලයින්ගේ පාද සේදීමෙන් මහා බ්‍රහස්පතින්දා පාද දෝවනය සැමරීම ඉතාම විශේෂ අංගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31