පාසල් සිසුන්ට නොමිලේ පාපැදි 100ක් බෙදා දෙයි

මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති ඉතා දිළිදු පවුල් වල පාසල් යන දරුවන්ට වටිනා පාපැදි 100ක් අද (29) දින බෙදා දෙනු ලැබුවා.

එම ප්‍රදානය සිදුකර ඇත්තේ අදාළ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම සදහායි.

මිහින්තලේ ,සීප්පුකුලම, කරුවලගස්හින්න, ශ්‍රී සුදර්ශණ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පොතානේ සුමංග හිමියන්ගේ ඉල්ලීම මත, “ශාන්ති සජීවිකරණ ව්‍යාපාරයේ අනුග්‍රහය යටතේ මෙම පාපැදි පාසල් දරුවන්ට ලබා දෙනු ලැබුවා.

අදාළ ප්‍රදානය මිහින්තලේ සීප්පුකුලම ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !