spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැරී සහ මේගන් වේල්සයේ කුමරියට ඉක්මන් සුවය පතයි

සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය, වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට ඉක්මන් සුවය පතා තිබෙනවා.

කේට් මිඩ්ල්ටන් කුමරියට පිළිකා රෝගය වැළඳී ඇති බවට දැනගත් පසු ඔවුන් දෙදෙනා මෙලෙස ඇයට ඉක්මන් සුවය පතා ඇති බවයි වාර්තා වන්නේ.

කෙටි ප්‍රකාශයක් කරමින්, හැරී කුමරු සහ මේගන් කියා සිටියේ කේට් කුමරිය සහ ඇගේ පවුලේ අය “පෞද්ගලිකව සහ සාමයෙන්” සුවය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් ඊයේ නිවේදනය කළේ තමන් පිළිකා රෝගයකින් පීඩා විඳින බවත් මේ වනවිටත් ඒ සඳහා මූලික ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි.

කේට් කුමරියට පසුගිය ජනවාරි මාසයේ දී උදර සැත්කමක් කළ නමුත් එම අවස්ථාවේ දී පිළිකාවක් ඇති බව දැන සිට නැහැ.

පසුව කරන ලද පරීක්ෂණවල දී ඇයට පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වූ බවයි කෙන්සිංටන් මාලිගය පැවසුවේ.

කෙසේ වෙතත් පිළිකාව පිළිබඳ තොරතුරු අනාවරණය කර නොමැති අතර, කුමරිය සම්පූර්ණ සුවය ලබන බව විශ්වාස කරන බවයි කෙන්සිංටන් මාලිගය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
0
+1
1
+1
36
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?