spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොව සුපිරි මැදපෙළ පිතිකරුවන් පසුකර ධනංජය පළමු තැනට

ලෝක ටෙස්ට් ශූරතාවලි තරග ඉතිහාසයේ අංක 05 හෝ ඊට පහළ පිතිකරන ස්ථානයන්වල පිතිකරනයේ යෙදෙමින් වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා බවට පත්වන්නට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සමත්ව තිබෙනවා.

ධනංජය ද සිල්වා ලෝක ටෙස්ට් ශූරතාවලි තරග තුළ මේ දක්වා ශතක 08 රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා එහි පළමු තැන හිමිකරගෙන සිටිද් දී එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ශතක 07ක් රැස්කරගෙන දෙවන තැන පසුවනවා.

මෙම සටහනේ තුන්වන තැන එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝව් හිමිකරගෙන ඇත්තේ ශතක 06ක් වාර්තා කරමින්.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් සහ නවසීලන්තයේ ඩැරල් මිචෙල් පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්‌ථානව රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
4
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?