spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සති 5කට පෙර නම් කළ ලොව විශාලතම සර්පයා වෙඩි තබා ඝාතනය කරලා

ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් විසින් මීට සති පහකට පමණ පෙර හඳුන්වා දුන්, ‘ඇනා ජුලියා’ නම් ඇනකොන්ඩා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අඩි 26ක් දිග සහ රාත්තල් 440කට වඩා බරැති මෙම ඇනකොන්ඩා මෙලෙස මරා දමා ඇත්තේ, දඩයම්කරුවන් පිරිසක් විසිනි.

පසුගිය පෙබරවාරි මාසයේදී, 15 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර සත්ව විද්‍යාඥයන් කන්ඩායමක් විසින් ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයන්ගේ ද මඟ පෙන්වීම ඇතිව ඇමසන් ගංගාවට සම්බන්ධ අතු ගංගාවකින් මෙම විශාගලතම ඇනකොන්ඩා සොයා ගෙන තිබුණා.

ගැහැණු සත්වයකු වූ මෙම ඇනකොන්ඩා ‘ඇනා ජුලියා’ යනුවෙන් නම් කෙරුණා.

මිනිස් ප්‍රමාණයේ හිසක් සහිත මෙම ඇනකොන්ඩා ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වූයේ, රූපවාහිනී වනජීවී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන නෙදර්ලන්ත ජීව විද්‍යාඥ මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් නම 40 හැවිරිදි ඇය අසල පිහිනමින් සිටින අයුරු රූගත කිරීමෙන් පසුවය.

ලොව විශාලතම සර්පයන් ලෙස සැලකෙන්නේ ඇනකොන්ඩාවන් වන අතර ඇනකොන්ඩාවන් පිඹුරන් විශේෂයකි.

ඇනකොන්ඩාවන් අතරින් ද විශාලතම ඇනකොන්ඩා ලෙස සැලකුණේ ‘ඇනා ජුලියා’ ය.

ඇනා ජුලියා උතුරුදිග හරිත ඇනකොන්ඩාවෙකු වන අතර, උතුරුදිග හරිත ඇනකොන්ඩාවන් නව ඇනකොන්ඩා විශේෂයක් බවත් විද්‍යාඥයන් තහවුරු කර තිබුණි.

image 33
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
75
+1
4
+1
10
+1
341
+1
26
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?