සති 5කට පෙර නම් කළ ලොව විශාලතම සර්පයා වෙඩි තබා ඝාතනය කරලා

ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් විසින් මීට සති පහකට පමණ පෙර හඳුන්වා දුන්, ‘ඇනා ජුලියා’ නම් ඇනකොන්ඩා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අඩි 26ක් දිග සහ රාත්තල් 440කට වඩා බරැති මෙම ඇනකොන්ඩා මෙලෙස මරා දමා ඇත්තේ, දඩයම්කරුවන් පිරිසක් විසිනි.

පසුගිය පෙබරවාරි මාසයේදී, 15 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර සත්ව විද්‍යාඥයන් කන්ඩායමක් විසින් ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයන්ගේ ද මඟ පෙන්වීම ඇතිව ඇමසන් ගංගාවට සම්බන්ධ අතු ගංගාවකින් මෙම විශාගලතම ඇනකොන්ඩා සොයා ගෙන තිබුණා.

ගැහැණු සත්වයකු වූ මෙම ඇනකොන්ඩා ‘ඇනා ජුලියා’ යනුවෙන් නම් කෙරුණා.

මිනිස් ප්‍රමාණයේ හිසක් සහිත මෙම ඇනකොන්ඩා ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වූයේ, රූපවාහිනී වනජීවී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන නෙදර්ලන්ත ජීව විද්‍යාඥ මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් නම 40 හැවිරිදි ඇය අසල පිහිනමින් සිටින අයුරු රූගත කිරීමෙන් පසුවය.

ලොව විශාලතම සර්පයන් ලෙස සැලකෙන්නේ ඇනකොන්ඩාවන් වන අතර ඇනකොන්ඩාවන් පිඹුරන් විශේෂයකි.

ඇනකොන්ඩාවන් අතරින් ද විශාලතම ඇනකොන්ඩා ලෙස සැලකුණේ ‘ඇනා ජුලියා’ ය.

ඇනා ජුලියා උතුරුදිග හරිත ඇනකොන්ඩාවෙකු වන අතර, උතුරුදිග හරිත ඇනකොන්ඩාවන් නව ඇනකොන්ඩා විශේෂයක් බවත් විද්‍යාඥයන් තහවුරු කර තිබුණි.

image 33


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04