spot_imgspot_img
spot_img

පකිස්ථාන හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

පකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ඇමයිලොයිඩෝසිස් නම් දුර්ලභ රෝගයක් හේතුවෙන් ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජිවිතක්ෂයට පත්වී ඇත්තේ.

මුෂාරෆ් 2001 සහ 2008 අතර පාකිස්තානයේ ජනාධිපති ලෙස කටයුතු කළ අතර ඔහු 2010 දී සමස්ත පාකිස්තාන මුස්ලිම් ලීගය ආරම්භ කළා.

පසුගිය 2022 වසරේ ජුනි මාසයේදී ඔහු ඩුබායි හි ඇමරිකානු රෝහලට ඇතුළත් කළ බව පවුලේ සාමාජිකයන් තහවුරු කර තිබුණා.

පසුගියදා ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කරන ලද ප්‍රකාශයකින් පවුලේ අය සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා සුවය ලැබිය නොහැකි අමාරු අවධියක ගමන් කරමින් සිටින බවත් ඉන්ද්‍රියයන් අක්‍රිය වෙමින් පවතින බවයි.

දශකයකට ආසන්න කාලයක් පාකිස්තානය පාලනය කළ තරු හතරේ ජෙනරාල් පර්වේස් මුෂාරෆ්, වේගවත් ආර්ථික වර්ධනයක් රටට ළඟා කරගත් අතර ගතානුගතික මුස්ලිම් රට තුළ සමාජීය වශයෙන් ලිබරල් වටිනාකම් ඇති කිරීමට උත්සාහ කළා.

79 හැවිරිදි මුෂාරෆ් වසර ගණනාවක් දේශපාලනයෙන් ඈත්ව ගත කිරීමෙන් පසු අසනීප තත්වය හමුවේ රෝහලේදී මිය ගිය බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

විරුද්ධ මත මැඩපැවැත්වීම සඳහා දැඩි ලෙස හමුදාව යොදා ගැනීම මෙන්ම අල් කයිඩාවට සහ තලේබාන් සංවිධානයට එරෙහි සටනේදී එක්සත් ජනපදයට අඛණ්ඩව සහාය දීම ඔහුගේ බිඳවැටීමට හේතු වූ බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

1943 වසරේ දී නව දිල්ලියේ උපත ලද මුෂාරෆ්ට වයස අවුරුදු හතරේදී, මුස්ලිම්වරුන් විසින් අලුතින් නිර්මාණය කරන ලද පකිස්ථාන ප්‍රාන්තයට ඔහුගේ දෙමව්පියන්ට සමූහ වශයෙන් නික්ම යාමට සිදුවුණා.

පියා විදේශ අමාත්‍යාංශයේ සේවය කළ අතර ඔහුගේ මව ගුරුවරියක් වූ අතර පවුල මධ්‍යස්ථ, ඉවසිලිවන්ත ඉස්ලාම් බැතිමතුන් වූ බවයි සඳහන් වන්නේ.

පර්වේස් මුෂාරෆ් වයස අවුරුදු 18 දී හමුදාවට බැඳුණු අතර, ප්‍රභූ කමාන්ඩෝ ඒකකයකයේ ද නායකත්වය හොබවනු ලැබුවා.

පකිස්තානය සහ ඉන්දියාව යුද්ධයේ අතරතුර කාශ්මීරයේ ඉන්දීය පාලනය යටතේ පවතින ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ මෙහෙයුමක් එළි දැක්වීම සම්බන්ධයෙන් ඔහුව ඉවත් කිරීමට උත්සාහ කළ එවකට අගමැති නවාස් ෂරීෆ් බලයෙන් නෙරපා හැරීමෙනුයි ඔහු බලය ලබා ගත්තේ.

එම රජයේ ආරම්භයේ දී, මුෂාරෆ් ඔහුගේ ප්‍රතිසංස්කරණවා දී ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තරව ප්‍රශංසා ලබා ගත් අතර, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ පුද්ගලික ප්‍රවෘත්ති නාලිකා පළමු වරට ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම ද කැපී පෙනෙනවා.

දුම්වැටි, ආනයනය කරන ලද විස්කි සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත මෙන්ම මුස්ලිම්වරුන් මධ්‍යස්ථ ජීවන රටාවක් අනුගමනය කරන ලෙස ඔහු කළ ඉල්ලීම් සහ 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයේ ප්‍රහාරයෙන් පසු බටහිර රටවල් ඔහු සම්බන්ධයෙන් වැඩි ආකර්ෂණයකින් කටයුතු කළා.

ප්‍රහාරයෙන් පසු ඔහු වොෂින්ටනයේ වැදගත්ම සමීපතමයෙකු බවට පත් වූ අතර, පකිස්ථාන භූමියේ රහස් කඳවුරුවලින් සන්නද්ධ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපද හමුදාවන්ට ඉඩ සලසා දෙනු ලැබුවේ ද පර්වේස් මුෂාරෆ් පාලනය යටතේ දී යි.

එය ඔහුගේ පාලනය නීත්‍යානුකූල කිරීමට උපකාරී වූ අතර දේශීය අන්තවාදී සටන්කාමී කණ්ඩායම්වලට එරෙහිව පාකිස්ථානය යුද්ධයකට ඇද දැමීමට ද උපකාරී වූ බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඉන්දියාවට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කර වසර තුනකට අඩු කාලයකට පසු 2002 වසරේ දී , මුෂාරෆ් ලෝකය පුදුමයට පත් කළේ, හදිසියේම ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි වෙත අතට අත දී සාමය සඳහා ඉදිරිපත් වූ විටයි.

විශ්ලේෂකයින් පවසන්නේ කාශ්මීර ප්‍රශ්නය – ඉන්දියාව සහ පකිස්ථානය අතර වඩාත් ප්‍රබලම මතභේදයට තුඩු දී ඇති ප්‍රශ්නය – මුෂාරෆ් යුගයේදී විසඳීමට ආසන්නව පැවති බවයි. එහෙත් ඔහුගේ පාලනයෙන් පසු එම සාම ක්‍රියාවලිය කඩාකප්පල් වුණා.

මුෂාරෆ් යටතේ විදේශ ආයෝජන සමෘද්ධිමත් වූ අතර පකිස්ථානය 7.5% තරම් වාර්ෂික ආර්ථික වර්ධනයක් අත්කර ගත් අතර එය ලෝක බැංකු දත්තවලට අනුව දශක තුනකට ආසන්න කාලයක් තුළ ඉහළම මට්ටම ලෙස පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2006 වසරේදී දී, මුෂාරෆ් බලුකිස්තාන් පළාතේ ගෝත්‍රික ප්‍රධානියෙකු මරා දැමූ මෙහෙයුමකට අණ දුන් අතර එය වර්තමානය දක්වාම පැතිර යන සන්නද්ධ කැරැල්ලක අඩිතාලම වූ බවයි.

2007 වසරේ, මුෂාරෆ් සාකච්ඡා මගහැර ඉස්ලාමාබාද්හි මුස්ලිම් පල්ලියක මෙහෙයුමකට හමුදාවන්ට නියෝග කිරීමෙන් පසු ෂරියා නීතිය පැනවීමට ඉල්ලා සිටි සිසුන් සියයකට වඩා මරා දමනු ලැබුවා.

එය නව සටන්කාමී කන්ඩායමක් වූ ටෙහ්රීක්-ඊ-තලිබාන් බිහිවීමට තුඩු දුන් අතර, එතැන් සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුලු ප්‍රහාර වලින් දස දහස් ගණනක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පසුව 2007 දී විපක්ෂ නායිකා බෙනාසීර් භූතෝ ඝාතනය කළ මරාගෙන මැරෙන ප්‍රහාරය ප්‍රචණ්ඩ රැල්ලක් ඇති කළා.

අධිකරණය ශක්තිමත් කිරීමට මුෂාරෆ් දැරූ උත්සාහය විරෝධතාවලට තුඩු දුන් අතර මැතිවරණ කල් දමා හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබුණා.

වසර 11 කට පසු රටේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය 2008 වසරේ දී පැවැත් වූ අතර එහිදී මුෂාරෆ්ගේ පක්ෂය පරාජයට පත් වූණා.

පසුව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයකට මුහුණ දුන් ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ලන්ඩනයට පලා ගියා.

ඔහු 2013 දී නැවත පකිස්තානයට ගොස් පාර්ලිමේන්තු අසුනක් සඳහා ඉදිරිපත් වූ නමුත් ජයග්‍රහණය කිරීමට හැකිවුයේ නැහැ.

රෝගී තත්වය හේතුවෙන් ඔහුට ඩුබායි බලා යාමට අවසර ලැබුණේ 2016 වසරේදී යි.

2019 වසරේ දී, 2007 හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් පකිස්ථාන අධිකරණයක් ඔහුට මරණ දණ්ඩනය නියම කළ නමුත් පසුව එම තීන්දුව අවලංගු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?