කාවඩි නැටුම් එක්ක අද විදී සංචාරය කරන දෙවිනුවර විෂ්ණු දේවාලයේ පෙරහැරට විශේෂ ආරක්ෂාවක්

දෙවිනුවර උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) දිනයේ පැවැත්වෙන පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

කාවඩි නර්තනය සහිතව අද පැවැත්වෙන පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ද පොලිස් නිලධාරීන්ට අමතරව යොදවා තිබෙනවා.

මෙම පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන්
අද (28) පෙරහැරේ කාවඩි නර්තනය නතර කිරීමට පොලිස්පතිවරයා විසින් පසුගියදා නිර්දේශ නිකුට්ය්හ් කර තිබුණා.

මෙම තීරණය සම්බන්ධයෙන් සමාජ තුළ ඇති වූ දැඩි කතාබහත් සමඟ අවසන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම විශේෂ සාකච්ඡාටමහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා, දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන්, කාවඩි සංගම් ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව සිටියා.

මෙහිදී පසුගිය වසරවල කාවඩි නර්තනය සඳහා සහභාගී වූ සියලු කණ්ඩායම්වලට මෙවරද කාවඩි නර්තනය සඳහා අවසර ලබාදීමට තීරණය කෙරුණා.

ඒ, අනුව පොලීසියේ සෘජු අධීක්ෂණය සහ ආරක්ෂාව යටතේ දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය කාවඩි නර්තනය ද සමග අද (28) දිනයේ විදී සංචාරය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25