ළමයින් අතර පැතිර යන තවත් රෝගයක් (වීඩියෝ)

මේ දිනවල පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ළමුන්ගෙන් බහුතරයකට ඩෙංගු වෛරසය වැළඳී ඇති බවට වාර්තා වනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ ළමුන් අතර ඩෙංගු රෝගය පැතිරීමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව  වාර්තා වනවා.

උණ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ළමුන්ගෙන් බහුතරයකට ඩෙංගු වෛරසය වැළදී ඇති බව තහවුරු වන බවයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ විශේෂඥ වෙද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ.

එසේම , කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පැවති ආයතන 175කට වැඩි සංඛ්‍යාවකට මේවන විට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර, ලෝකයේ ළමා ලාදුරු රෝගීන් වැඩිම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ද පැමිණ  තිබෙනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන ලාදුරු රෝගීන්ගෙන් 10%ක් පමණ ළමුන් බවයි සඳහන් වන්නේ.

ලාදුරු යනු බැක්ටීරියා මඟින් බෝවන  රෝගයක් වන අතර එහි මූලික රෝග ලක්ෂණයක් වන්නේ සමේ පැහැයට වඩා වෙනස් ලප ඇති වීමයි.

එසේම  අත් පා හිරි වැටීම, ඇඟිලි වකුටු වී , ඇති වූ ලප මත ස්පර්ශය, වේදනාව, කැසීම වැනි සංවේදන නොමැති වීම, පාදයේ වළලුකරට ඉහළින් පණ නැති ස්වභාවය, මාංශ පේශී දුරවල වීම සිදු වනවා.

මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම්  වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු  වීමෙන් රෝගය වැළැක්වීමට හැකි බවයි වෛද්‍ය අංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53