හිරේට නියම වුණු තුෂාර උපුල්දෙණිය හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අද අධිකරණයට

වැඩ තහනමට ලක් ව රක්ෂිත බන්ධනාගාරගත කළ තුෂාර උපුල්දෙණිය අද (11) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජුනි මස 09 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර උපුල්දෙණිය අත් අඩංගුවට ගෙන ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඊට අමතරව අද දින සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවටත් පමුණුවන ලෙසටයි නියෝග කෙරුණේ.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට අමතරව මෙම සිද්ධියට අදාළ ව අත්අඩංගුවට ගන්නා ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අද පෙරවරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?