හිරේට නියම වුණු තුෂාර උපුල්දෙණිය හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අද අධිකරණයට

වැඩ තහනමට ලක් ව රක්ෂිත බන්ධනාගාරගත කළ තුෂාර උපුල්දෙණිය අද (11) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජුනි මස 09 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර උපුල්දෙණිය අත් අඩංගුවට ගෙන ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඊට අමතරව අද දින සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවටත් පමුණුවන ලෙසටයි නියෝග කෙරුණේ.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට අමතරව මෙම සිද්ධියට අදාළ ව අත්අඩංගුවට ගන්නා ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අද පෙරවරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14