Empty Ad
AFC Banner
Empty Ad

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන තැතේ බෝම්බකාරිය ගැන ප්‍රබල සාක්ෂියක් ගොනුවෙයි

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ බෝම්බකාරියක වන දුර්ගා නමැත්තිය තම නිවස අසල පිහිටි දෙවන විත්තිකරුගේ නිවසේ නවාතැන් ගෙන සිටි කාන්තාව බවට පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබූ එම බෝම්බකාරියගේ මුහුණේ හා ශරීරයේ ඉහළ කොටසේ ඡායාරූප එම බෝම්බකාරියගේ බවට පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන ආර්. පී. ස්වර්ණලතා මහත්මිය අද(29) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ සාක්ෂි ලබාදෙමින් හඳුනාගත්තා.

තමා එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සියැසින්ම හඳුනා ගනු ලැබුවේ ඡායාරූපයේ සිටින බෝම්බකාරියගේ හිස කොටස වන බවත් එම දිනවල පුවත්වල ද පළ වූයේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබූ එම ඡායාරූප වන බවත් සාක්ෂිකාරී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවා.

සාක්ෂිකාරිය සාක්ෂි ලබාදීමෙන් අනතුරුව දැඩි රෝගී තත්ත්වයකින් සිටියදීත් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීම පිළිබඳව පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සිය දෙපාර්තමේන්තුව හා අධිකරණය වෙනුවෙන් සාක්ෂිකාරියට ස්තුතිය පුද කළා.

එම සාක්ෂිකාරිය ඇගේ නිවස වෙත යැවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලෙසට එහිදී විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර සිටි අතර අනතුරුව නඩුව නැවත ලබන පෙබරවාරි මස 17 වරදින කැඳවීමට නියම කෙරුණා.

එදින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා අධිකරණ වෛද්‍ය කේ. සිරිකුමාර මහතා වෙත සිතාසී යැවීමට ද විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?