හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන තැතේ බෝම්බකාරිය ගැන ප්‍රබල සාක්ෂියක් ගොනුවෙයි

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ බෝම්බකාරියක වන දුර්ගා නමැත්තිය තම නිවස අසල පිහිටි දෙවන විත්තිකරුගේ නිවසේ නවාතැන් ගෙන සිටි කාන්තාව බවට පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබූ එම බෝම්බකාරියගේ මුහුණේ හා ශරීරයේ ඉහළ කොටසේ ඡායාරූප එම බෝම්බකාරියගේ බවට පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන ආර්. පී. ස්වර්ණලතා මහත්මිය අද(29) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ සාක්ෂි ලබාදෙමින් හඳුනාගත්තා.

තමා එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සියැසින්ම හඳුනා ගනු ලැබුවේ ඡායාරූපයේ සිටින බෝම්බකාරියගේ හිස කොටස වන බවත් එම දිනවල පුවත්වල ද පළ වූයේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබූ එම ඡායාරූප වන බවත් සාක්ෂිකාරී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවා.

සාක්ෂිකාරිය සාක්ෂි ලබාදීමෙන් අනතුරුව දැඩි රෝගී තත්ත්වයකින් සිටියදීත් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීම පිළිබඳව පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සිය දෙපාර්තමේන්තුව හා අධිකරණය වෙනුවෙන් සාක්ෂිකාරියට ස්තුතිය පුද කළා.

එම සාක්ෂිකාරිය ඇගේ නිවස වෙත යැවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලෙසට එහිදී විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර සිටි අතර අනතුරුව නඩුව නැවත ලබන පෙබරවාරි මස 17 වරදින කැඳවීමට නියම කෙරුණා.

එදින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා අධිකරණ වෛද්‍ය කේ. සිරිකුමාර මහතා වෙත සිතාසී යැවීමට ද විනිසුරුවරයා නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18