හිටපු ජනපතිට බ්රේක් නැතිව කියවුණු කතාව

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ වේගවත් අදහස් පලකිරීමකින් පසු පාර්ලිමේන්තුව හමුවෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා සාමකාමී සහ නිවුනු හඩින් සභාව ඇමතුවා.

“මහින්දානන්ද අලුත්ගමගේ ඇමති තුමා බොහොම වේගයෙන් බොහොම සංවේදී කතාවක් කරා.මටත් අයිතියක් තියනවා ගරු කථානායක තුමනි හිටපු ජනාධිපති විදිහට , හිටපු ජනාධිපති විදිහට මාව එල්ල කරලා යම් දෙයක් කියනවා නම් ඒකට පිලිතුරු දෙන්න.අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ.අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා.ඒ ගහ ගන්න ජාතියේ මිනිස්සු නෙමෙයි අපි.ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහකට නෙමෙයි ගහන්නේ වෙන විදිහකට.ඒකත් මම කියන්නට ඕනේ.

ජනාධිපති වැය ශීර්ෂය පිලිබඳව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා කරන ලබන ප්‍රකාශ පිලිබදව ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.දිනේශ් ගුණවර්ධන ඇමති තුමාත් කිව්වා වර්ථමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියනවා කියලා.ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.

මගේ අවුරුද්දක වැය ශීර්ෂය අරගෙන ඒ අරමුණ තුල ජනතාවට දෙන්න යන්නේ මම ඉතාම අනවශ්‍ය ලෙස වියදම් කරලා තියනවා කියලා.එතකොට දැන් එක එක වැය ශීර්ෂ කිහිපයක් මගේ කාලේ ඒවා කිව්වා.මමත් කැමති නැහැ ගරු කථානායකතුමනි වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න.ඒ මොකද මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ,ගමන් බිමන් ගිය හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි සම්බන්ධව.ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි ඒවට ආදර්ශයක් මම දුන්නා 2015 ඉදන්.මම ඒක බොහොම පැහැදිලව කියන්නට ඕනේ.ඒක නිසා ඔය ගහ ගන්න ගියොත් ,කිව්වනේ ඕනේ නම් ගහ ගමු , ගහනවා නම් ගහමු , ගහගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද දන්නේ නැහැ.

1947 ඉදන් මේ රටේ ආන්ඩු බලයට පත්වෙන්න පලවෙනි මැතිවරනයේදී පක්ශවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග ගිහිල්ලා කඩා ගත්තා.බණ්ඩාරනායක මැතිනියගේ ආන්ඩුව 64 දි , බණ්ඩාරනායක මැතිනියගේ ආන්ඩුව 75 දි , ජේ.ආර් ජයවර්ධන මහත්තයාගේ 6න් පහේ බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරනයක් තියලා අන්තිමට පක්ශය ලලිත් ගාමිනිලා යන්න ගිහිල්ලා අද වෙනකනුත් එක්සත් ජාතික පක්ශයට නැගිටින්න බැරි තැනකට ආවා.චන්ද්‍රිකා බන්ඩාරණායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ආවා.
ඒකෙන් ඒ ආන්ඩුව ඉවර උනා.2014 මම සාධාරන හේතුන් උඩ එදා ආන්ඩුවෙන් අයින් වෙලා පොදු අපේක්ශකයා විදිහට තරග කෙරුවා.ඒ ආන්ඩුව පරාජය උනා.

ඒක නිසා මේ තුනෙන් දෙකේ බලය කියන එක පිලිබදව සහ ආන්ඩුවක් කිරීම පිලිබදව මීට වඩා සංකීර්නව සහ බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධ ලෙස හිතන්නට ඕනේ.ඒක නිසා ආන්ඩුවේ තුනෙන් දෙක තියෙන්නෙත් , පැහැදිලිව කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ශේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ.ඒ නිසා ඔය ගහ ගත්තාම, ගහගෙන ඊලග මේකේ එන ප්‍රථිපලය මීට කලින් ආන්ඩු ඔප්පු කරලා තියනවා ආන්ඩු ඇතුලේ ගහ ගත්තාම මොකද සිද්ද වෙන්නේ කියලා.”

තව දුරටත් අදහස් දැක්වූ එතුමා කියා සිටියේ මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවය.

https://www.youtube.com/watch?v=YE7RzNerMRY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16