සෞඛ්‍ය වැඩ වර්ජනය නිසා අදත් රෝගීන්ට පීඩා (වීඩියෝ)

වෛද්‍යවරුන් සඳහා වන ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දීමනාව ඉහළ නැංවීමත් සමග එම දීමනාව තම සේවාවන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද වැඩ වර්ජනයක් ආරම්භ කළා.

අදාළ කරුණුම මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ද ඊයේ හදිසි වර්ජනයක නිතර වුණා.

වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සඳහා දිවයින පුරා රජයේ රෝහල් වෙත පැමිණි ජනතාව පත්වූයේ දැඩි පීඩාවකටයි.

වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ අද උදෑසන අටේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කළා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පී සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය, ඛන්තු රේඛන ශිල්පී සංගමය, පාසල් දන්ත චිකිත්සක සංගමය, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී සංගමය සහ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිය සමිති 10ක් මෙලෙස වර්ජනයේ නිරත වුණා.

කෙසේ වෙතත්, ළමා රෝහල, පිළිකා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

මේ අතර, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ වෛද්‍යවරුන්ට පමණක් දීමනා ඉහළ නැංවීමට විරෝධය දක්වමින්.

ඊට සමගාමීව අද උදෑසන හතේ සිට හෙට උදෑසන හත දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරත වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා කියා සිටියේ.

මෙම වර්ජනය හේතුවෙන් පීඩාවට පත් වූයේ දිවයින පුරා රෝහල් වෙත පැමිණි ජනතාවයි.

එසේම, මෙම වර්ජනයට පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එක්ව තිබීම හේතුවෙන් එම සේවාවන්ටද බලපෑම් එල්ල වුණා.

DAT දීමනාව ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ඊයේ ආරම්භ කළ සංකේත වර්ජනය අද උදෑසන අටට අවසන් කෙරුණා.

මේ අතර වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් හෙට (11) පෙරවරු 6 සිට සියලු රෝහල් පරිපාලන නිලධාරීන්, කණිෂ්ඨ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒකාබද්ධව වර්ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තිය සංගම් ප්‍රකාශ කර තිබෙනවා.

හෙට (11) පෙරවරු 6 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40