Fly high Get bonus Aviator Phone

සිරි දළදා වන්දනාවේ දෙවැනි දිනය අදයි

සිරි දළදා වන්දනාවේ දෙවැනි දිනය අද (19) ආරම්භ වනවා.

ඒ දහවල් 12 සිට පස්වරු 05.30 දක්වා යි.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකි බවයි වාර්තා වන්නේ.

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක ජනතාව මෙලෙස පෝලිම්ගත ව සිටිනවා.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සහ බස් රථ සේවා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දළදා මාලිගාව අවට මෙන් ම මහනුවර දැඩි පොලිස් හා යුද හමුදා ආරක්ෂාවක් ද තර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?