සිරි දළදා වන්දනාවේ දෙවැනි දිනය අදයි

සිරි දළදා වන්දනාවේ දෙවැනි දිනය අද (19) ආරම්භ වනවා.

ඒ දහවල් 12 සිට පස්වරු 05.30 දක්වා යි.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකි බවයි වාර්තා වන්නේ.

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක ජනතාව මෙලෙස පෝලිම්ගත ව සිටිනවා.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සහ බස් රථ සේවා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දළදා මාලිගාව අවට මෙන් ම මහනුවර දැඩි පොලිස් හා යුද හමුදා ආරක්ෂාවක් ද තර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21