සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා භට පිරිසකට සුබපැතීමට ජනපති එක්වෙයි

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් තවත් 1,132ක භට පිරිසක් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එලෙස පිටත්ව යාමට සූදානම් වන භට පිරිස් වෙත සුබපැතීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක (26) පෙරවරුවේ එක්වුණා.

ඒ, පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දීයි.

විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද හමුදා කාන්තා සාමාජිකාවන් 43 දෙනෙක් ද මෙම භට පිරිසට ඇතුළත්.

මීට අමතරව, සන්නද්ධ රථ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘යුනි බෆල්’ රථ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශය වෙතින් ලබා දුන් විශේෂ වෙඩි නොවදින රථ 02ක්ද මෙම බළඇණිය වෙත ලබාදීතිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වැඩිම භට කණ්ඩායම මෙය වීමත් විශේෂත්වයක්.

මේ අතර ඔවුන්ට සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03