වැල්ලම්පිටිය පොලිස් වසමේ කොළොන්නාව ප්‍රදේශයේදී ඊයේ (16) දින උදෑසන පොලිස් විශේෂ කාර්‌ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, එම පතරොම් ගැබක්, හෙරොයින් ග්‍රෑම් 716ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අවුරුදු 43 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබනවා.













