අනිද්දා දිනයේ දී කොළඹ ප්‍රදේශ රැසක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංර්වර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “Colombo Marathon – 2026” මැරතන් තරඟය අනිද්දා 13 වන දින උදෑසන 06.00ට කොළඹ බාලදක්ෂ මාවත හෙළි පථය අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

පූර්ණ මැරතන් තරඟය බාලදක්ෂ මාවත හෙළි පථය අසලින් ආරම්භ කර, ගාලු මැද පාරට පිවිස, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය ශාන්ත මයිකල් හන්දියට ගොස්, මාර්ගයේ දකුණු මංතීරුවට (විරුද්ධ දිසාවට) පිවිස ගමන් කරමින් කොල්ලුපිටිය හන්දිය ඔස්සේ මුහුදු මාවතට (Marine Drive) පිවිස බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල දක්වා ගමන් කර දෙහිවල මහජන බැංකුව අසලින් හැරී නැවත එම මාර්ගය ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දක්වා පැමිණ දකුණට හැරී ලිර්බට් වටරවුම හරහා පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පෙරහර මාවත, රොටුන්ඩා වටරවුම පසුකර උත්තරානන්ද මාවත සහ ගුවන් පාලම ඔස්සේ අලියා නාන වටරවුම හරහා බාලදක්ෂ මාවත හෙළි පථය අසලින් තරඟ වට දෙකකින් අවසන් වනවා.

ඒ අනුව අදාළ ක්‍රීඩා උළෙලේ තරඟ ඉසව් හා මාර්ග ධාවන තරඟ පැවැත්වෙන කොළඹ නගරයේ මාර්ගයන්හි රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට කටයුතු කරනු ලබන අතර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති විශේෂ රථවාහන සැලැස්ම පහත පරිදි වනවා.

  • 2026.09.13 දින උදෑසන 06.00ට කොටුව NSA වටරවුමෙන් තරඟාවලිය ආරම්භ කර කොල්ලුපිටිය හන්දිය දක්වා ගමන් කරන කාලය තුල ගාලු මැද පාර ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කරන රථවාහන වලට විකල්ප මාර්ගය වශයෙන් කොටුව සෙරමික් හන්දියෙන් වමට හැරී චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවතකොම්පඤ්ඤවීදිය හරහා නව ගුවන්පාලම භාවිතා කරමින් හෝ ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය ඔස්සේ ගමන් කල හැක.
  • 2026.09.13 දින උදෑසන 06.00 සිට උදෑසන 10.00 දක්වා දෙහිවලින් මුහුදු මාවතට රථවාහන ඇතුළු කිරීම අත්හිටුවා එම රථවාහන ගාලු පාරට යොමු කරන අතර කොල්ලුපිටිය හන්දියෙන් මුහුදු මාවතට ඇතුළුවීම සීමා කරනු ලබයි.

එම අවස්ථාවේදි මුහුදු මාවතට ගමන් කරන හා එහි සිට පිවිසෙන රථවාහන ගාලු පාර හා මුහුදු මාවත අතර ඇති අතුරු මාර්ග භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාව පවතිනවා.

ධාවන තරඟය ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය ශාන්ත මයිකල් හන්දිය දක්වා ගොස්, මාර්ගයේ දකුණු මංතීරුවට (විරුද්ධ දිසාවට) පිවිස ගමන් කරමින් කොල්ලුපිටිය හන්දිය ඔස්සේ මුහුදු මාවතට (Marine Drive) ඇතුල් කිරීමේදී කොල්ලුපිටිය හන්දියෙන් කොළඹට ඇතුල්වන රථවාහන කෙටි කාලයක් සීමා කරනවා.

පිත්තල හන්දිය, ලිබර්ටි වට රවුම, පෙරහර හන්දිය, රොටුන්ඩා වට රවුම, අලියා නාන වටරවුම, M.O.D ඇතුළු කොල්ලුපිටිය, කොම්පඤ්ඤ වීදිය, වැල්ලවත්ත, බම්බලපිටිය හා දෙහිවල පොලිස් වසම්හි තරඟය පැවැත්වෙන ඉහත මාර්ගයන්හි මංසන්ධිවල රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කරනු ලබනවා.

අංක 175 හා 177 ගමන් මාර්ගයන්හි බස් රථ අදාල කාල සීමාව තුලදී ගාලු පාර 19 පටුමග අසලින් අවසන් කිරීමට නියමිත අතර එම ස්ථානයෙන්ම ගමන් ආරම්භ කිරීම සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42