තිදෙනෙක්ට දිවි අහිමි වූ අනතුරේ කාර් රථ රියදුරු ගංජා භාවිතාකර සිටි බවට හෙළිවෙයි

මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (16) දින රාත්‍රී වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථ දෙකක හා යතුරුපැදි දෙකක ගැටී අනතුරක් සිදුව තිබු අතර එම අනතුරෙන් අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඉන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ කාර් රථයේ රියදුරු අද (17) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු, අනතුර සිදුව අවස්ථාව වන විට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි.

සැකකරු වයස් අවුරුදු 52ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ වයස අවුරුදු 44 හා 64 වයස්වල පසුවූ ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03