spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාගල රත්නායක නල්ලූර් කෝවිලේ තේරු මංගල්‍යයට එක් වෙයි

යාපනයේ සංචාරයක නිරත වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා යාපනය, ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති තේරු මංගල්‍යයට සහභාගි වී ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය ඊයේ පෙරවරුවේ ආරම්භ වූයේ විශේෂ පූජාවන් සමඟින්.

තේරු පෙරහැර නැරඹීමට ද එක්වූ සාගල රත්නායක මහතා, අනතුරුව කෝවිලේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වුණා.

පසුව සාගල රත්නායක මහතා උතුරු පළාතේ හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට ද එක් වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?