සාගල රත්නායක නල්ලූර් කෝවිලේ තේරු මංගල්‍යයට එක් වෙයි

යාපනයේ සංචාරයක නිරත වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා යාපනය, ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති තේරු මංගල්‍යයට සහභාගි වී ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය ඊයේ පෙරවරුවේ ආරම්භ වූයේ විශේෂ පූජාවන් සමඟින්.

තේරු පෙරහැර නැරඹීමට ද එක්වූ සාගල රත්නායක මහතා, අනතුරුව කෝවිලේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වුණා.

පසුව සාගල රත්නායක මහතා උතුරු පළාතේ හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට ද එක් වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15