Indian Premier League

ස්කොට්ලන්තයට ලකුණු 31 ක ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරග අද (04) පැවැත්විණි.

අද සිම්බාබ්වේ දේශයේ බුලවායෝහිදී පැවති තීරණාත්මක තරගයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම ළකුණු 31කින් ජයග්‍රහණය ලබා ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 234 ක් රැස්කළා.

මැතිව් ක්‍රොස් ලකුණු 38ක් සහ මයිකල් ලීස්ක් ලකුණු 48ක් ලබා ගත්තා,

ෂෝන් විලියම්ස් ලකුණු 41කට කඩුලු 3ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 41 යි පන්දු 1 දී සියළු දෙනාම දැවී සිම්බාබ්වේ කණ්ඩායම ළකුණු 203 ට සීමා කිරීමට ස්කොට්ලන්ත ක්‍රීඩකයින්ට හැකි වුණා.

ඒ අනුව එම තරගය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
3
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?