සෆ්රාස් අහමඩ් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මේ වනවිට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ්ට ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඒ, අද තරගයේ දී අසිත ප්‍රනාන්දු විසින් යැවූ බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ වැදීම හේතුවෙන්.

පිටියෙන් ඉවත් වූ සෆ්රාස් අහමඩ් වෙනුවට මොහොමඩ් රිස්වාන් මෙම තරගයේ දී කණ්ඩායමට ආදේශකර ඇති බවයි වාර්තා වන්නේ.

ආදේශක ක්‍රීඩකයා ලෙස නම් කළ රිස්වාන්ගේ නම තරඟ තීරක ඩේවිඩ් බූන් විසින් පිළිගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?